
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ බස් ගාස්තු වැඩි කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
පවතින තත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ඉල්ලීම් කර ඇතත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රවාහන අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය.
බස් සංගම් වල ඉල්ලීම් පිළිබදව එම සංගම් හා සාකච්ඡා කරමින් යම් එකගතාවන් වලට පැමිණ ඇති බවත් ඉදිරි සතිය තුල කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාවක් සකසන බවත් දිලුම් අමුණුගම අමාත්‍යවරයා කීවේය.
සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි කොවීඩ් 19 ප්‍රතිපත්තියට අනුව බස්රථ ධාවනය කිරීමේදී මගීන්ගේ සුරක්ෂිත බව පිළිබදව වැඩි අවධානයක් යොමුකරන බවද ඔහු සඳහන් කළේය.
කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය අනුව බස්රථ ගාස්තුවෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවත් කොවීඩ් තත්වයෙහි තුරන් වීම පිළිබද තහවුරු කළ පසු බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යරයා පැවසීය.
පවතින තත්වය හමුවේ මගීන් පිළිබදව මෙන්ම බස්රථ හිමියන් පිළිබදව ද සාධාරණ ලෙස විමසිලිමත් විය යුතු බවත්, ඒ අනුව දෙපාර්ශවයම අපහසුතාවයට පත් නොවන ලෙස තීරණ ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
උසස්පෙළ විභාගයෙන් පසු ඇදිරිනීතිය ඇති ප්‍රදේශ වල බස් රථ ධාවනය සිදුවන්නේ ද යන්න මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයට අමාත්‍යවරයා පවසා සිටියේ උසස් පෙළ විභාගය අවසන් වූ පසු ඇදිරිනීතිය ඇති ප්‍රදේශවල බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවන බවයි.
ඇදිරිනීතිය තිබියදීත් බස්රථ හා දුම්රිය ධවනය කරනු ලැබුවේ උසස් පෙළ විභාගය නිසාම බවත් එම විභාගය අවසන් වූ පසු ඇදිරිනීතිය පවතින කාලය තුළ බස්රථ හා දුම්රිය ධාවනය කිරීමට හේතුවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

