බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි


(රංජිත් රාජපක්ෂ)

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ගමන් ගත් 12දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙක් පැවසීය.

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංණයාය දකවා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතයෙන් වූ වතු මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියා සිටියේ.

අනතුරින් වෑන් රථටයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.