බස් රථ හිමිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්හි සභාපතිවරුන්ට උපදෙස් දී ඇත.
කලක සිට පවතින මෙම දූෂිත තත්වය පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුවී ඇතැයි කී ජනපති රටේ සියලු ක්ෂේත්‍රවල වංචා, දූෂණ, අක්‍රමිකතා හා අයහපත් තත්ත්වයන් වෙනස් කිරීමට රජයක් ලෙස දැඩි තීන්දු තීරණ ගන්නා බවත් පැවසීය.
ජනපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ ජනපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
දවසකට රුපියල් 20 සිට රුපියල් 1000 වැනි මුදල් ද ඇතැම් විට ඊටත් වැඩි මුදලක් බස් රථවලින් අය කරන කප්පම්කරුවන් අති විශාල මුදලක් උපයන බවත් සමස්තයක් ලෙස ලංකාව පුරා දිනකට රුපියල් කෝටියක පමණ කප්පම් මුදල් ගන්නා බව බස් සංගම් නියෝජිතයකු පැවසීය.

