පෞද්ගලික බස් සම්බන්ධයෙන් එස්.එම්.එස් මඟින් පැමිණිලි කිරීමේ නව අංකයක් ඔක්තෝබර් 1 (අද) සිට ක්‍රියාත්මක වන බව පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමති සී.බී.ඒකනායක මහතා කියයි.
ඒ අනුව දුරකථන අංක 071 655 00 00 ට කෙටි පණිවිඩයක් ලෙස දැනුම් දෙන ලෙස අමාත්‍යවරයා මගීන්ගෙන් ඉල්ලා සිටි. මෙම කෙටි පණිවිඩය ඊමේල් පණිවිඩයක් හරහා අමාත්‍යංශයට යොමු කෙරෙන අතර ඒවා ක්ෂණිකව පිටපතක් ලෙස ලබාගැනීමේ හැකියාව ඇත. පැමිණිලි කිරීමේදී බස් රථයේ අංකය, මාර්ග අංකය, වේලාව ආදිය නිවැරදිව සඳහන් කිරීම විමර්ශන කිරීමට පහසුවක් බවද අමාත්‍යවරයා කීය.

