(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස වැලිගම ප්‍රධාන මාර්ගයේ උඩුකාව ප්‍රදේශයේ දී මගී බස් රථ දෙකක් ගැටීමෙන් 09 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල කියයි.
කොළඹ සිට අකුරැස්ස බලා යන ලංගම බස් රථයක් සහ මාතර සිට වැලිපිටිය බලා යන පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටී ඇති බව පොලිස් නිළධාරින් කියති.

