
(කේෂර ගුණතිලක)
මොනරාගල - සියඹලාණ්ඩුව මාර්ගයේ වැලියාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මියගොස් ඇත්තේ ලංගම බසයේ රියැදුරු බව ද ඔහු කියයි
තඹානේ සිට මොනරාගල දක්වා ධාවනය වු ලංගම බසයක් හා තිස්සමහාරාමයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගත් පෞද්ගලික බසයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන අතර දරුවන් තිදෙනකු සහ කාන්තාවන් 12 දෙනකු සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.

