බස් - ත්‍රීවීල් ගැටී අයෙක් රෝහලේ


(සුමිත් පොතුපිටිය) 

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ බස් රථ තුනක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම බලා ධාවනය වීමට නියමිතව ගාල්කර තිබූ බස් රථයක් වෙනත් පුද්ගලයකු විසින් පණ ගැන්වීමෙන් පසු තිරිංග ක්‍රියාත්මක නොකිරීමෙන් ඉදිරියට ඇදී ගොස් කොළඹ බලා ධාවනය වීමට නියමිත සුඛෝපභෝගී බස් රථයක ගැටී ඇති තිබේ.

එම බස් රථය පානදුර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තවත් පෞද්ගලික බස් රථයක ගැටී ඇත. තවදුරටත් තිරිංග නොමැතිව ඉදිරියට  ධාවනය වූ සුඛෝපභෝගී බස් රථය කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයකද ගැටී ඇති බව පොලිසිය පවසයි.

නතර කර තිබූ සුඛෝපභෝගී බස් රථයට සහ පානදුර බලාදාවනේ වීමට නියමිතව තිබූ බස් රථයේ සිරවි සිටී පුද්ගලයකු  කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

කලුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති.