බසයයි මගියොයි මහ පාරේ


පසුගිය 13 වැනිදා සවස මීගමුව සිට කොළඹ දක්වා ධාවනයවූ පෞද්ගලික බස් රථය  මඟීන් සමග මහ මග දමා දිවූ බව කියන රියදුරු සහ කොන්දොස්තර ජා ඇල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

මෙම බස් රථයේ ගමන් කළ මගියකු 119 අංකයට ඇමතුමක් ලබාදී රියදුරු හා කොන්දොස්තරවරයා බීමත්ව මගීන්ට තර්ජනය කළැයි දැනුම්දී ඇත. ජා ඇල නගරයේ සිටි පොලිස් නිලධාරීන් දුටු රියදුරු සහ කොන්දොස්තර මඟීන් හා බස් රථය දමා පැන යාමට උත්සාහ කිරීමේදී අත් අඩංගුවට පත්ව ඇත. පොලිසියට පැමිණිලි කිරීම නිසා ‘‘උඹලා කැමති විදියකට පලයල්ලා“ යැයි කී බවද මගීහු කියති.