බසයට යටවී බිරිද මරුට : සැමියා රෝහලට


(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර )

අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බසයකට යටවී බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා ඇති බව පයාගල පොලිසිය පවසයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ මහවත්ත, මහවිල , හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටී සී සුසිලාවතී නමැති කාන්තාවක බව පොලිසිය කීය.

අඹුසැමි යුවල අද උදැසන  යතුරු පැදියෙන් බේරුවල දෙස සිට කලුතර දෙසට ගමන්කර ඇති අතර, ඒ දෙසටම ගමන්ගත්  බස් රථය යතුරු පැදියේ ගැටී කාන්තාවගේ හිස ඉදිරිපස වම් රෝදයට යටවී ඇති බව පොලිසිය සදහන් කරයි.