බසයක ගැටී හබරණදී වල් අලියා මැරේ


හබරණ පොලොන්නරුව මහ පාරේ හබරණ මින්නේරිය දේවාලය අසලදී වල් අලියෙකුගේ ඇගේ හැපුනු පෞද්ගලික බසයක් ගසකද වැදී පෙරලී  රියදුරා ඇතුළු හය දෙනෙක් සදුදා රාත්‍රියේ තුවාල ලැබූහ.

කදුරුවෙල සිට කොළඹ බලා ආ බසය මේ අනතුරට ලක් විය.

දේවාලයට පඩුරු දැමීමට එන අයගෙන් කෑම ලබා ගැනීමට පුරුදුව සිටි මෙම අලියා  මරුමුවට පත් විය.