බසය මහ මුහුදේ


හම්බන්තොට සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බසයක් අද අලුයම 5.30 ට පමණ උණවටුන දළවැල්ලේ දී මුහුදට වැටී හය දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. කොළඹ මාතර පාර මුහුද ආසන්නයෙන් වැටී ඇති වංගු සහිත ස්ථානයකින් බසය මුහුදට ගමන්කැර ඇත. පොලිසිය පවසන්නේ මුහුදු වෙරළේ ඇති ගල්වැටිය මතින් ගමන්කළ බසය වටයක් කැරකී පාරට මුහුණ ලා නැවතී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ බසයේ මගීන් 25 දෙනකු සිටි බවත් පොලිසිය පවසයි. කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසන්නේ බස් අනතුරින් තුවාල ලැබූ හතර දෙනකු ප්‍රතිකාර ලබා නික්ම ගිය බවයි. දෙදෙනකු නේවාසිකව සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය ද බරපතල නැති බවත් වෛද්‍යවරු කියති.

_DSC4305 _DSC4323 _DSC4327 _DSC4349 - Copy _DSC4355