යාපනය - මහනුවර මාර්ගයේදී ලංගම බස් රථයක් වවුනියාව,සාන්තසෝලෙයි ප‍්‍රදේශයේ සඳුදා බෝක්කුවකට ලිස්සා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පවතින වර්ෂාව හේතුවෙන් බසය ලිස්සා යන්නට ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ ති‍්‍රකුණාමලය සිට යාපනය දක්වා ගමන් කළ බස් රථයකි.
මගීන් 45 ක් බස් රථයේ ගමන් කළත් රියදුරා පමණක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.



