බසය පෙරළී තිස් පහක් රෝහලේ


මහනුවර සිට කොත්මලයට යන පෞද්ගලික බසයක පුන්ඩළුඔය දී ලංගම බසයක් ගැටී  පෞද්ගලික බසය අඩි තිහක ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලීසිය කියයි.

බසයේ ගමන් කළ මගීහු 35 දෙනෙක් ගම්පොළ, පුස්සැල්ල සහ කොත්මලේ රෝහල්වලට ඇතුලත් කරනු ලැබ සිටිති.

ලංගම බසයේ තිරිංග ක්‍රියාත්මක වී නැති බවත්, එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිස් ආරංචි කියයි.