මහනුවර කුරුණෑගල බසයක ගමන් ගත් නයි නටවන්නන්නන් සිව් දෙනකුගේ මල්ලකින් නාගයන් නව දෙනකු ද, පිඹුරන් දෙදෙනෙකු ද බසයේ ඇදෙන්නට වීම නිසා මගීහු භීතියට පත් වූහ. ඉරිදා රාත්‍රී 11 බසයෙන් ගමන් ගත් නයි නටවන්නන්ට නින්ද ගොස් තුබූ බවත් කියති.
ගලගෙදර පොලිස් ස්ථානාධිපති එම් බී චන්ද්‍රපාල මහතා ඇතුළු පිරිසක් එහි පැමිණ නාගයන් ද, පිඹුරන් දෙදෙනාද, රිලවකු ද නයි නටවන්නන් සමග පොලීසියට ගෙන ගිය බව වාර්තා වේ.
එම සතුන් හා අයිතිකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

