බසය ප්‍රපාතයට පෙරැළිමට පෙර ජීප් රියකත් ගැටිලා


(ප්‍රසාද් රුක්මල් )

ඇල්ල රාවණා ඇල්ල 15කණුව ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදුවූ තංගල්ල නගර සභා සේවක පිරිස ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථය ප්‍රපාතයට පෙරැළී යාමට සුළු මොහොතකට පෙර ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව බස්‍ රථය මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ගැටී අඩිදහසක පමණ   ප්‍රපාතයට පෙරැළී ගොස් ඇතයි ඇල්ල පොලිසිය පවසයි .

මෙම විනෝද චාරිකා බස්‍ රථය තංගල්ල සිට නුවරඑළිය ගොස්  ආපසු තංගල්ල බලා ගමන් කරමින් තිබියදී මෙසේ අනතුරට පත්විය .

අනතුරින් ප්‍රපාතයට පෙරලී ගිය විනෝද චාරිකා බස්‍ රථය එකම සුන්බුන් ගොඩක්  බවට පත්ව ඇත. බුත්තල සිට ඇල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක බස්‍ රථය ගැටිමෙන් ජීප් රථය ටද අලාභහානි වී ඇති අතර එම ජීප් රථ රියැදුරු ඇල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .