බසය කොස්ගොඩදී ඇළට පෙරලේ


කොස්ගොඩ දූවේමෝදරදී බස් රියක් ඇළට පෙරැළී විදුලි කණුවක් රේපාරට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.

තුවාලකරුවන් පිරිසක් බලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ.

අහංගම සිට කොළඹ මගුල්ගෙදරක යන පිරිසක් මේ බසයේ සිටියහ.

මේ අනතුර සිදුවූයේ අද අලුයම තුනට පමණය.