බසය ඇළට පෙරැළී තිදෙනෙක් මරුට - 20කට තුවාල


( ට්‍රික්සි කොන්ස්ටන් සහ චන්දන ප‍්‍රනාන්දු )                                                                      

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අධි සුඛෝපභෝගි බස් රථයක් නාත්තන්ඩිය වලහාපිටිය ප‍්‍රදේශයේදි අද (29) සවස හැමිල්ටන් ඇළට පෙරළි බස් රථයේ ගමන්ගත්  තිදෙනෙක්  මිය ගොස් 20 ක් පමණ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුල් කල බව මාරවිල පොලිසිය පවසයි .

අද (29) සවස 3 . 30 ට  පමණ මෙම අනතුර වි ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේදි  බස් රථයේ මගින් 30 ත් 40 ත් අතර ප‍්‍රමාණයක් සිට ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කියයි .

මියගිය පිරිස හා තුවාල ලැබු පිරිස මීට වඩා වැඩිවිය හැකි බවත්  ගලවා ගැනිමේ  මෙහෙයුමේ යෙදි සිටින නිළධාරියෙක් පැවසීය.  
.
මියගිය හෝ තුවාල ලැබු පුද්ගලයන්  ඇළට පෙරැලී ඇති බස් රථයට යට වි  සිටිනවාද  යන්න සොයා බැලිමට මෙහෙයුම සිදු කරමින් තිබෙන බව පොලිසිය කීය.
                                                                                                                                
බස් රථයේ අධික වේගය නිසා රියදුරාට බස් රථය පාලනය කරගත නොහැකිව මෙලෙස බස් රථය ඇලට පෙරළි ඇති බවට මූලික පරික්ෂණ වලදි හෙළි වු බව පොලිසිය කියයි.

 

( ඡායාරූප හිරාන් ප්‍රියංකර )