පෞද්ගලික බසයක් හැපීමෙන් කඩුගන්නාව ඓතිහාසික අම්බලමට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. බ්‍රිතාන්‍යයන් උඩරට මාර්ගය ඉදිකළ මුල් කාලයේ සාදන ලද මේ අම්බලම 2009 වර්ෂයේ දී අලුත්වැඩියා කෙරිණි. පොලිසිය පවසන්නේ අනතුර සිදුකළ රියදුරු අත්අඩංගුවට ගත් බවයි. රියදුරාට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි ද පොලිසිය සැකකරයි.




