කොළොන්නාව ඉන්ධන ගබඩාවේ සිට කොටගල ඉන්ධන ගබඩාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවට අයත් බවුසරයක් අද (26) හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලි අප්පුව මංසන්දිය අසලදී මාර්ගය හරහා පෙරළී ඇත.
ලීටර් 33000 ක් තෙල් තිබූ බව කියන එම තෙල් බවුසරය පෙරළීමෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් පිටතට ගලාගොස් ඇති අතර ප්‍රදේශයේ ජනතාව එම ඉන්ධන රැස් කරගත්හ.
පිටතට ගලා නොගිය බවුසරයේ තිබූ ඉන්ධන කොටසක් කොටගල ඉන්ධන ගබඩාවේ සිට පැමිණි බවුසර 03 කින් රැගෙන යාම සිදු කෙරිණි.
ජායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක
ජායාරූප - රංජිත් රාජපක්ෂ









