ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පැවති දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ‘බව තරණය‘ චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.
රටවල් රැසක් ඉදිරිපත් කර තිබූ නිර්මාන 219 ක් අතරින් මෙම සම්මානය දිනාගත් බව තරණය දේවින්ද කොන්ගහගේ මහතාගේ අධ්‍යක්ෂණයකි.
ශ්‍රීලංකා චිත්‍රපටයක් දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී මෙසේ සම්මානයට පාත්‍රවූයේ 1963 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටයට ‘රණමයුර‘ සම්මානය හිමිවූවායින් පසුවය.
මහාචාර්ය ලෙප්නා දේවරාජ්ගේ උඩරට රාජධානිය නම් පර්යේෂණ ග්‍රන්ථය පාදක කරගනිමින් නිර්මානය කර තිබෙන මෙම චිත්‍රපටය එක් රටක සංස්කෘතියකට සීමා නොවූ විශ්වීය තේමාවක් රැගත් චිත්‍රපටයක් ලෙස දිල්ලි චිත්‍රපට උළෙලේදී චිචාරක පැසසුමටද පාත්‍ර විය.
මාලනී ෆොන්සේකා,සජීව් රාසපුත්‍ර,උදයන්ත කුලතුංග,රොෂාන් රණවන,මහේන්ද්‍ර පෙරේරා,චන්දික නානායක්කාර බව තරණයේ චරිත වලට පණපොවති.සංගීතය නවරත්න ගමගේ ගෙන්ය.

