තමාට පහර දෙන මාධ්‍යවේදීන් ලබන ආත්මයේ බල්ලන් වී උපදිතියි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා හිඟුරග්ගොඩ දී ප්‍රකාශ කළේය.
පහ පාස් නැති, පෙම්හසුනක්වත් ලියා නැති මාධ්‍ය වේදීන් ද සිටින බවත්, කුලියට ලියන, කුලියට කතා කරන පව්කාරයන් ලෙස ඔවුන් හදුන්වන බවත් ඇමැති හිඟුරග්ගොඩ ආනන්ද බාලිකා විදුහලේ දී කීවේය.
‘එක්තරා පත්තරයක් තියනවා. ඒ පත්තරය මට ඇලජික්. ඔවුන්ට මං ඇලජික්. මොනවා හරි දානවා.
ඒ අයට කියන්නේ මා ඇකිලී ගිය වම්බටු ගෙඩියක් නොවන බවයි. මා වම්බටු කරලකුත් නෙමේ. මා පතෝල කරලකුත් නොමේ. කපන්න, කපන්න සුවද ගහන වෘක්ෂයක් ලෙසයි මම මා ගැන හිතන්නේ. මම වැරදි කරලත් නෑ, කරන්නෙත් නෑ. වැදගත් මාධ්‍යත් මේ රටේ තියනවා.‘

