සිය දියණිය අකාරුණික ලෙස බලු කූඩුවක සිරකර තබා සිටියදි බලගොල්ල පොලිසිය මගින් මුදාගත් 73 හැවිරිදි පියා අද මහනුවර මහ රෝහලේදී මියගිය බව පොලිසිය කියයි.
එම්.ජී.සුමතිපාල නමැති එම පුද්ගලයා පසුගියදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනීත් විජේසේකර මහතාගේ නියෝග මත අම්පිටිය වැඩිහිටි නිවාසයකට යොමු කරන ලදි.
වැඩිහිටි නිවාසයේ සිටියදී හදිසියේ රෝගාතුරවූ ඔහු පසුගිය 3 වැනිදා රෝහල්ගත කර ඇත.
පියා බලු කූඩුවේ දැමූ දියණිය ඇප මත මුදාහැර සිටී.

