බලු කපුටු දානයේ සමච්චල් : බාබර් මැරුම් කයි


යක්කලමුල්ලේ කොරඟමලේ දී නිවෙස් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 65 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය පුද්ගලයාගේ බෑණා (30) සැකපිට අත්අඩංගුවට ගත් බවත් අනෙක් පාර්ශවයේ අයෙකුයැයි සිතා ඔහු තම බිරිඳගේ පියාට පිහියෙන් ඇණ ඇතැයි සැකයක් පවතින බවත් පොලිසිය කියයි. තුවාල ලැබූ අයකු කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.

නෑබඩදී කරණවෑමියකු බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. සැකකරු දරුවන්ගේ අපලයකට දුන් බලු කපුටු දානය මරණකරු විසින් සමච්චලයට ලක් කරන ලදැයි කියන සිද්ධියක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පවසයි.