බල්ලා මිනිසාගේ හොඳම මිතුරාය


මිනිසාට සමීපතම සත්වයා වන බල්ලාගේ මිනිස් ළැදියාව කදිමට කියාපාන වීඩියෝ පට දෙකක් මේ දිනවල ඉතාලි වෙබ් මාධ්‍යයන්හි සැරිසරයි. ආබාධිත කාන්තාවක් මාස කිහිපයක් වයසැති තම දියණියගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා එම නිවසේ සුරතල් බල්ලාගේ උදව් උපකාර ලබාගන්නා අයුරු එක වීඩියෝ පටයකින් නිරූපණය වේ. තම ස්වාමියා සමග ව්‍යායාම් කටයුතුවල යෙදෙන සුරතල් බල්ලකු පිළිබඳ පුවතක් අනෙක් වීඩියෝ පටයේ සටහන් වේ.