නුවරඑළිය සඳතැන්නේ දී බල්ලන් විසින් සපා කෑ මුවකු මියගොස් ඇතැයි වනජීවී නිලධරයෝ කියති. බ්‍රහස්පතින්දා අළුයම බල්ලන්ට මැදිවී තුවාල ලබා සිටි වැලි මුවා ගම්වැසියන් විසින් බේරාගෙන ප්‍රතිකාර කිරීමට උත්සාහ ගත්ත ද දරුණු තුවාල හේතුවෙන් මුවා මියගියේය. වනජීවී නිලධාරීන් පවසන්නේ සඳතැන්න පාරිසරික කලාපයේ ජීවත් වන්නට ඇතැයි විශ්වාස කරන වැලි මුවා ඉතා හොඳින් වැඩුණු නිරෝගී සත්ත්වයකු බවයි.



