බල්ගේරියා අන්තර්ජාතික ගණිත තරගයෙන් ලංකාවට රන් පිට රන්


 බල්ගේරියාවේ පැවති අන්තර්ජාතික ගණිත  තරඟාවලියෙන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඇතුළුව  ජයග‍්‍රහණ රැසක්  දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් විය.

එම ජයග්‍රහණ හිමිකරගත් සිසු සිසුවියෝ අද දිවයිනට ආහ.

ශ‍්‍රී  ලංකාවට ජාත්‍යන්තර කිර්තියක් හිමි කර දෙමින් දිවයිනට පැමිණි  මෙම සිසු සිසුවියන්  අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්.එච්.එම් චිත‍්‍රානන්ද, ගණිත අංශයේ අධ්‍යක්ෂක බී.ඞී චිත්තානන්ද  බියන්විල සහ ගණිත ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා පී.පී  නිරෝශි  යන මහතම මහත්මීන් ඇතුළු ඔවුන්ගේ  දෙමවිපියන්  විසින්  කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළේදී මල්දම් පළඳවා පිළිගනු  ලැබූහ.

අන්තර්ජාතික ගණිත  තරගාවලයකදී  ශ‍්‍රී ලංකාව රන් පදක්කම් හිමි කරගත්  ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර  කොළඹ රාජකීය විද්‍යාලයේ ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත,  ඇහැලියගොඩ  ජාතික පාසැලේ චාරුකා තිශාලා කුලතුංග  සහ  කොළඹ රාජකීය විද්‍යාලයේ  ඩබ්ලිව්.එම්.ඞී සදෙල් සංදීප රණසිංහ යන සිසුහු  මෙසේ රන් පදක්කම් හිමිකරගත්හ. මොවුන් මෙම රන්පදක්කම් හිමිකරගත්තේ වයස අවුරුදු 14 න් පහල වයස් කණ්ඩයේ ඒකල ඉසව්වෙනි.

එම වයස් කාණ්ඩයේම රිදි පදක්කම් ලාභීන් අතර කුරුණෑගල මලියදේව විදුහලේ ඩබ්ලිව්.ඒ.එම් සමිත යොහාන්, කොළඹ රාජකීය විද්‍යාලයේ කේ. අයුෂ ශාෂ්ත‍්‍රික ෆොන්සේකා සහ කුරුණෑගල මලියදේව විදුහලේ එච්.එම්.ඒ.වයි හේරත් යන සිසුහු වෙති.

මීට අමතරව එම වයස්  කණ්ඩයේම කණ්ඩායම් ඉසව්ව සඳහා ද ශ‍්‍රී ලංකාවට රන්පදක්කමක්  සහ ලෝකඩ පදක්කමක් හිමිවූ අතර  ඒ සඳහා  ෂෙනාල් සන්තුෂ් කොටුවේවත්ත, එච්.එම්.ඒ.වයි හේරත්, එච්.එම්.ඒ.කේ හේරත්, පියුමිණී කවීෂා රණසිංහ, චාරුකා කුළතුංග බංඩාර, ඩබ්ලිව්, එම්.ඞී සඳිල් සංදීප, යොහාන් සමිත  සහ අයුෂ ශාෂ්ත්‍රික එක් වූහ.

මෙහිදී  වයස අවුරදු 17 න් පහළ වයස් කණ්ඩයේ ඒකල ඉසව්වෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ රුවිමල් යසින්ත පතිරාජ,  කුරුණෑගල මලියදේව විදුහලේ මෙවන් නිලූමින්ද විජේවර්ධන සහ  ත‍්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විදුහලේ ලව කුමාර් රිතිකේෂන් ලෝකඩ පදක්කම් හිමිකරගත්හ.

එම වයස්  කන්ඩයේ කණ්ඩායම් තරගාවලියෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වූ අතර ඒ සඳහා රුවිමල් යසින්ත පතිරාජ,මෙවන් නිලූමින්ද විජේවර්ධන, චේතන චතු ප‍්‍රභා, ශානුක කමේෂ් දොඩම්පේගම, අරුල් මොලිවර්මන් ක‍්‍රිෂාන්තන්, බාලයියා සනුජන්, ලව කුමාර් රිතික්සන් සහ ඉමාද් බදියුදීන් එක් වූහ.

මෙහිදී එච්.එම්.ඒ.කේ  හේරත්, මේනක චතුප‍්‍රභා, ශානුක තමේෂ්, බාලයියා සනුජන්  කුෂලතා සහතික හිමිකරගත්හ.

තරගාවලිය සඳහා රටවල් 36 ක සිසු සිසුවියෝ 1080 ක් සහභාගී වූ අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින්    සිසු සිසුවියෝ  16 දෙනෙකු  සංචාරය සදහා එක්වූහ.

 තරගාවලිය පසුගිය ජුනි 30 වෙනිදා සිට ජූලි 05 වෙනිද දක්වා බල්ගේරියාවේදී පැවැත්විණි.

 

වයස අවුරුදු 14 න් පහළ ඒකල ඉසව් රන් පදක්කම් ලාභීන්

14 න් පහළ ඒකල රිදී පදක්කම් ලාභීන්

17 න් පහළ ඒකල ලෝකඩ පදක්කම් ලාභීන් 

වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායම් රන් පදක්කම හිමිකරගත් කණ්ඩායම 

වයස අවුරුදු 14 න් පහළ කණ්ඩායම් ඉසව්ව සදහා  ලෝකඩ පදක්කම හිමිකර ගත් කණ්ඩායම

වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් ලෝකඩ පදක්කම් හිමිකරගත් කණ්ඩායම