බලශක්ති ක්ෂේත්‍රයට ඇමරිකාවේ සහය


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය තාක්‍ෂණික සහ සෙසු සහය ලබාදීමට ඇමරිකානු රජය කැමැත්තෙන් පසුවන බවත් ඉහළ ජනවරමකින් බලයට පත්වූ නව ආණ්ඩුව ලාංකීය ජනතාවගේ අභිලාශයන් ඉටුකරනු ඇතැයි දැඩි අපේක්‍ෂාවෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසන්නීය.

ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය කොළඹ 7, පිහිටි බලශක්ති අමාත්‍යංශයේදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (9) හමුවූ අවස්ථාවේදී එසේ පැවසුවාය.

මෙරට පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්‍රය සඳහා ඇමරිකානු රජයේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී මිතුරු රටක් ලෙස ඇමරිකාවේ මිත්‍රත්වය සහ සහය ඉහළින් අගය කරන බව ද එහිදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.