
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් පිරිසක් අද (17) බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
‘විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු’ යන පාඨය යටතේ එම පිරිස විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් අමාත්‍යංශයේ ප්‍රධාන දොරටුව වැසෙන සේ පුවරුවක් ප්‍රදර්ශන කරමින් ද විරෝධතාවයේ නිරත වූහ.
එහිදී පොලිසිය ගේටුව අවහිර නොකරන ලෙසත් එසේ කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් දැනුම්දීමෙන් පසුව පිරිස විසිරී ගියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


