පාලකයන්ට බලය වැඩි වන විට පිස්සන් උන්මත්තකයන් වන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට අද (22) ගැටඹේ විහාරයේදි පැවැසූහ.
වත්මන් රජයට නිසි නායකත්වයක් නොමැති බවත් ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔවුන්වත් නොදන්නා බවත් කී කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පනතක් ගෙනා විට ජනපති මම ඉන්නකම් කරන්න දෙන්නෙ නෑ කියන විට අනික් පැත්තෙන් එය සම්මත කර ඇති බවත් කීහ.



