බලය බෙදා ගන්න ඉන්දියා සහාය පතයි


ත්‍රිකුණාමල සාම්පූර් බලාගාර ගිවිසුම අත්සන් තැබීමට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා සමග 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලැසුම් කර ඇතැයි ඉන්දියාවේ ‘‘ද හින්දු‘‘ වෙබ් අඩවියේ දැක්වේ.

දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයෙන් උතුරේ වැඩිම මනාප ලබාගත් සී.වී.විනගේස්වරන් මහතා හා දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධානීන් ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මහතා යාපනයේදී හමුවනු ඇතැයි හින්දු වෙබ් අඩවියේ සදහන්ය.

දෙමළ ජාතින සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසා තිබුණේ ශී‍්‍රලංකාව මින් පෙර ඉන්දියාවට පොරොන්දුවී තිබූ පරිදි 13 වැනි ව්‍යවස්ථාව ස්ථාපිත කර ගැනීමේ කි‍්‍රයාදාමය සඵල කර ගැනීමට තම පක්ෂය කටයුතු කරන බවයි.

දෙමළ ජාතික සන්ධානය උතුරේ විශිෂ්ට ජයක් ලබා තිබෙන මේ අවස්ථාව නිසියාකාරව බලය බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීමට හොදම කාලය යැයි ඔහුගේ අදහස වී තිබුණි.

නමුත් පසුගියදා ශී‍්‍රලංකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරුණේ ඉඩම් හා පොලිස් බලතල මධ්‍යම ආණ්ඩුව අතෙහිම පැවතිය යුතු බවයි.පළාත් සභා වලට තවත් බලය ලබාදීමක් අවශ්‍ය නොවන බව එම නියෝගයෙන් පැවැසිණි.

ශී‍්‍ර ලංකාවේ රජය මැතිවරණ වලින් තමන්ගේ ජය පතා පමණක් කටයුතු කරන්නේයැයි පැවැති මතය උතුරේ පළාත් සභා මැතිවරණය දෙමළ ජාතික සන්ධානය ජය ගැනීමත් සමග බිද වැටුණි.උතුරු පළාත් සභාවේ ආසන 38 න් 30 ක්ම අත්පත් කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වුනි.සල්මන් කුර්ෂිඩ් මහතා අතර පැවැත්වීමට නියමිත හමුවේදී ඉන්දු-ශී‍්‍රලංකා ධීවරයින් අතර නිරන්තරයෙන් පැන නගින ගැටලූ වලට විසදුම් සාකච්ඡා කිරීමටත් නියමිත බව හින්දු වෙබ් අඩවියේ සදහන්ය.