බලය පෙන්වන්න වාසු එක් දින වර්ජනයක් ඉල්ලයි


‘කම්කරු  බලයට අකමැති  බලු ගැති සේනාව රටේ ජාතික අසමගිය වපුරමින් ඉන්නවා.පර්පයින්  පොළොගුන්සේ  සිටින මෙවැනි  පිළිල වලින් බේරීමට  නම්  කම්කරු  ජනතාව එකමුතුව එක්සිත්ව ජාතික සමගිය  වෙනුවෙන් නැඟී සිටිය යුතු කාලය  එළැඹිලා ‘ යැයි  ජාතික භාෂා හා ඒකාබද්ධතා  ඇමැති වාසුදේව නානයක්කාර  අද (01) ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍යසේවා සංගමයේ මැයි රැලියේදී පැවසීය.

‘ජීවිත් වීමේ බරපතල අභියෝගයකට මුහුණ දී සිටින  කම්කරු ජනතාව  වත්මන්  ආණ්ඩුවේ පැවැත්මට අවශ්‍ය වෙයි.  ආණ්ඩුව පෙරැළා දැමීමට  අවශ්‍ය නැති බව ඔවුන් තේරුම්ගත යුතුයි.

කළ යුත්තේ  රටේ කම්කරු ජනතාවගේ  බලය පෙන්වන  මහා එක් දින වැඩ වර්ජනයට සුදානම් වීම යැයිද  නානයක්කාර  මහතා කියා සිටියේය.

එසේම විධායක ජනපති ක්‍රමය  ඉවත් කැර පාර්ලිමේන්තු පාලනයට  බලය හැරවීමේ ක්‍රියාමාර්ගයකටද කම්කරු ජනතාව පෙළ ගැසිය යුතු බව  අමාත්‍යවරයා එහිදී කීවේය.