13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්තවාදී ලෙස බලය බෙදාහැරීම සිදුකරන ලෙස ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂයෙන්ම දෙමළ ජනතාවට සම අයිතිවාසිකම් ලබා දිය යුතු බවට තම නියෝජිත පිරිසක් ලංකාවේ රජයට දැනුම් දුන් බවද එම පක්ෂය කියා සිටී.
ඉන්දීය අගමැතිගේ ලංකා සංචාරයෙන් පසුව භාරතීය ජනතා පක්ෂයේ විධායක කමිටු සාමාජික එල්.ගනේෂන් ඇතුළු පිරිසක්ද මෙරට පැමිණි අතර සිය සංචාරය ගැන ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂය මේ බව කියා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.
එමෙන්ම කාන්තාවන් 80000 ක් පමණ යුද්ධයෙන් පසු වැන්දඹුවන් බවට පත්ව ඇති හෙයින් ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුනට වෘත්තීය පුහුණුවක් ලබා දිය යුතු බව භාරතීය ජනතා පක්ෂ නියෝජිතයෝ කියා සිටිති. මෙම නියෝජිතයෝ පිරිස අමාත්‍ය රාජිත සේනාරත්න , රාජ්‍ය අමාත්‍ය ඩී.එම් . ස්වාමිනාදන් හමු වී සාකච්ඡා කළහ.

