බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට හොරු පනිති


(දීපාල් ද සිල්වා)

බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට ඉරිදා (26) රාත්‍රියේ කිසියම් අයකු සොරෙන් ඇතුළුවී ඇතැයි පොලිසිය කියයි.

එහි ඇති දැල් ගැසූ කවුළුවක් කඩා කිසිවකු ඇතුළුවී ඇතැයි ද එහි තිබූ කිසිවක් අතුරුදහන්ව ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි ද පොලිසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති අතර පොලිස් නිල සුනඛ ‘තාරා‘ ද එහි කැඳවා ඇත.