බලපිටිය උප සභාපතිට එරෙහි බරපතල පැමිණිල්ලක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාපති ගැන බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති   ප්‍රාදේශීය සභාවේදී කළැයි කියන බරපතල ප්‍රකාශයක් සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය ඔහුගෙන් කට උත්තරයක් ලියා ගෙන ඇත.

බලපිටිය ප්‍රාදේශීය සභාපති ඒ දයාරත්න ද සිල්වා මහතාගේ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

1997 සිට 2002 දක්වා ප්‍රාදේශීය සභාපතව සිට දැන් උප සභාපතිවරයා වන ඩබ්ලිව් සරත් සමරජීව මහතාට එරෙහිව මේ පැමිණිල්ල කර ඇත.

සභා වාර්තාව අනුව ඔහු ජනපති සම්බන්ධයෙන් ඉතා බරපතල ප්‍රකාශයක් කර ඇත.

සමරජීව මහතාට සභාපති පදවිය නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඔහු ආරවුලක පැටලී සිටී.

ප්‍රාදේශීය සභා වාර්තාවේ සඳහන් ප්‍රකාශයක් තමා නොකළ බවත්, එහෙත් මාසික සභා රැස්වීම පිළි ගන්නා බවත් උප සභාපති පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වේ.