බලපිටි ගමක වැසියෝ දුම්රිය පාරේ


දුම්රිය හරස් මාර්ගය මැදින් වැටී ඇති බලපිටිය පාතේගම පාරේ දමා තුබූ ගල් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළැයි විරෝධය දක්වමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ඉවත් කළ ගල් දමා මාර්ගය සකසා කර දෙන්නැයි ඔවුහු ඉල්ලති.

මේ ගමේ පවුල් 56ක් ජීවත් වෙයි.

 මාර්ගය හරස් කර ඔවුන් විරෝධය දක්වද්දී දුම්රියක් ධාවනය වූ අතර පොලීසිය විරෝධතාකරුවන් ඉවත් කළහ.