බලපිටි උසාවිය ළඟ ඝාතනයක්


බෙන්තොට අවන්හලක දී ගුවන් හමුදා භටයකු වූ චමින්ද සම්පත්ට පිහියෙන් ඇන තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට බලපිටිය උසාවියට පැමිණෙමින් සිටි දෙදෙනකුට මින් මද වේලාවකට පෙර වෙඩි තබා ඇතැයිද ඉන් එක් අයකු මිය ගිය බවද පොලිසිය කියයි.

අනෙක් පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබීය.

තුවක්කුකරු බසයක නැගී පළා ගිය බව සිද්ධිය දුටුවෝ කියති.

මරා දැමුණු පුද්ගලයා කේ.ඒ.පියරත්න වශයෙන් හඳුනාගනු ලැබ සිටී.

ගුවන් භටයා මැරීමේ නඩුව සම්බන්ධයෙන් චමින්ද රසික කුමාර නම් රිදුරකු ද, තවත් දෙදෙනෙක් ද චෝදනා ලබා සිටියහ.

ඝාතකයනට නවාතැන් දුන්නැයි සැකපිට මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ද චෝදනා ලැබ සිටියි. අද එම නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබිණි. අද එම විභාගයට ඔවුහු ආහ.

නඩුව අවසන් වී යද්දී මේ ඝාතනය සිදු විය.

චමින්ද රසික කුමාර සුමිත්ත හිමියන්ගේ රියදුරුකු බව නඩුවේ සඳහන් වේ.

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මහ පාරේ දී නඩුවක සැකකරුවකු වෙඩි තබා මරා දැමූ ස්ථානය පරීක්ෂා කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මෙනවිය   පැමිණියාය.

1[1] 2[1] 3[1] 7[1] 9[1] 10[1]

ජායාරූප -  හේමන්ත ද සිල්වා

වීඩියෝ - දේමුණි සම්පත්