රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරද්දී එම වාහනයේ සිටින පුද්ගලයකු පොලිසියේ ඉහළ නිලධාරියකුගේ හෝ වෙනත් අයකුගේ ඇමතුමක් බව කියමින් දුරකතනය ලබා දීමට උත්සාහ කළහොත් එවැනි අවැනි ඇමතුම් ප්‍රතික්ෂේප කරන ලෙස පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතා බදාදා පොලිසියට උපදෙස් දුන්නේය.
රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියා නොකරන ලෙස නඩු ලබා ගන්නා පොලිස් නිලධාරීනට බලපෑම් කරන බවට ලැබුණු තොරතුරු නිසා මේ පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රථවාහන රාජකාරි කරන නිලධරයකු මගින් මහජනතාවට අසාධාරණයක් වුවහොත් ඒ ගැන ප්‍රදේශයේ ඉහළ පොලිස් නලධාරියකුට හෝ පොලිස්පති උපකාරක මැදිරියට පැමිණිලි කළ හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.