(ටී.කේ.ජී.කපිල )
නිසි බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු මෙරටට ගෙන ආ මල් පැළ තොගයක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණය පිළිබඳ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙයින් දෙදෙනෙකු ජා - ඇල හා මාතර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 36 සහ 68 හැවිරිදි පුද්ගලයෝ වෙති. අනෙක් තැනැත්තිය 38 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
මොවුන් තිදෙනාම මල් අලෙවිසැල් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෝ වෙති.
මොවුන් ඇන්තූරියම්, ඕකිඩ් ඇතුළු තවත් මල් පැලෑටි රාශියක් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ අතර, ඒවා සියල්ලේ වටිනා රුපියල් 4,89,350 ක් බව රේගුව පවසයි .