මගී ප‍්‍රවාහන බලපත‍්‍ර නැති බස් රථ ධාවනය කරන්නන් හට දඩය රුපියල් 10,000 සිට රුපියල් දෙලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට යයි.
මහේස්ත‍්‍රාත් අධිකරණයකින් නියම කළ හැකි මෙම දඩ මුදල ඉහළ නැංවෙන අයුරින් 1991 අංක 37 දරණ ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනතේ 40 වැනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමැතිවරු අනුමත කළහ.
අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය සඳහා බස්රථ වෙනුවෙන් මගී ප‍්‍රවාහන අවසරපත් නිකුත්කිරීම මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන අතර එවැනි බලපත‍්‍ර නොමැති බස් විශාල ප‍්‍රමාණයක් අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය වන බවට තොරතුරු ලැබී ඇති බව ඇමැති කියයි.

