බලන්ගොඩ මාළු වෙළඳසැල් වසාදමයි


 

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බලන්ගොඩ නගරයේ ඇති මාළු වෙළෙඳසැල් සියල්ලම  සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් මත අද (29) සිට තාවකාලික වසා දැමීමට කටයුතු  කළ බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විම⁣ලසේන මහතා පවසයි.

මාළු වෙළෙන්දන් මගින්  විශාල පිරිසකට කොරෝනා වයිරසය  ව්‍යප්ත  වීම මෙයට ප්‍රධානතම  හේතුව  බව සභාපති වරයා  කීය.

අහඔු   ලෙස තෝරා  ගත්  බලන්ගොඩ  නගරයේ  මාළු  වෙළෙන්දන්   10 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ   බලන්ගොඩ  මුලික රෝහලේ දි සිදු  කළ බවත්  එහි වාර්තා පස්වරුවේ ලැබීමට නියමිතව  ඇති  බවත්  බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.