බලන්ගොඩ ඇගලුම් කම්හලක් වහයි


 

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  කුමාරගම  ප්‍රදේශයේ  ඇති  ඇගලුම්  කර්මාන්තශාලාවකට කොරෝනා  වයිරසය ආසාදනය  වූ පුද්ගලයකු  පැමිණ ගොස්  තිබීම  හේතුවෙන්  එම ඇගලුම්  කම්හල අද (11) දා සවස  සිට තාවකාලිකව වසා දැමිමට උපදෙස්  ලබා දුන් බව  බලන්ගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

එහි  සේවකයින්  60දෙනෙකුගේ පී.සී.ආර්  පරීක්ෂණ කර එහි වාර්තා  ලැබෙනතුරු  එය  වසා දැමීමට උපදෙස් ලබා  දී ඇත.

බලන්ගොඩ  බුලත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු  එම ඇගලුම් කර්මාන්තශාලාවට  පැමිණි  ඇති අතර  ඔහු කොරෝනා ආසාදිතයෙකු  බවට පි.සි.ආර් පරික්ෂණයේදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවැසීය.