(අංජුල මහික වීරරත්න)
77 වන ජාතික නිදහස් උළෙලේ පෙරහුරු මේ දිනවල නිදහස් චතුරස්‍රයේ දී සිදු කෙරෙයි.
" ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 4 වැනිදා ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වේ.
කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන මෙවර ජාතික නිදහස් සැමරුම නව යුගයක සමාරම්භය සනිටුහන් කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
(ඡායාරූප : ළහිරු හර්ෂණ)