වැඩි කළ විදුලි මිලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය බලන්ගොඩ දොඹගොඩ සිට නගරය දක්වා පන්දම් පෙළපාලියක් පැවැත්වීය.
වැහි අඳුර පවතිද්දී එක්සත් ජාතික පාක්ෂිකයෝ පන්දම් පත්තු කරගෙන රජයට එරෙහි සටන් පාඨ කියමින් ගමන් කළහ.
එවැනිම තවත් විරෝධයක් ජා-ඇළ දඩුගම පාර අසළදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් පන්දම් දල්වාගෙන, බැනර් ඔසවාගෙන මීගමු පාර ඔස්සේ කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයට ගමන් කළහ.
[caption id="attachment_113118" align="alignnone" width="600"]බලන්ගොඩ
[/caption]
[caption id="attachment_113108" align="alignnone" width="600"]ජාඇළ[/caption]