බලංගොඩ නගර සභාව ජගත් සම්මාන දිනයි


එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන ආසියා ෆැසිපික් නගර නිර්මාණ ව්‍යාපෘති 2015 තරගාවලියේ ජූරියේ විශේෂ සම්මානය බලංගොඩ නගර සභාවට හිමිව ඇත.

එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස වැඩසටහන යටතේ රටවල් ගණනාවක දියත් කළ ව්‍යාපෘති පිළිබඳව අධ්‍යයනයෙන් මෙම ජූරියේ විශේෂ සම්මානය ලැබී තිබේ.

එම සම්මානය හිමිව ඇත්තේ යූඑන් හැබිටාර්ඩ් හෙවත් එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස සංගමය පරිත්‍යාග කළ මුදල් යොදවමින් බලංගොඩ නගරයේ දොරවල ඔය සංවර්ධනය සිදුකළ රෙසිලියන්ස් ව්‍යාපෘතිය වෙනුවෙනි.

ජූරියේ විශේෂ සම්මානය ලබාගැනීමට බලංගොඩ නගර සභාවේ ලේකම් එම්.එස්. සීලවතී මහත්මිය සහ එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මෙම තරගාවලියේ බලංගොඩ නගර නිර්මාණ රෙසිලියන්ස් ව්‍යාපෘති ලේකම් නිමල් පේ‍්‍රමතිලක මහතා ඇතුළු කණ්ඩායම මේ මස 27 දිනට ආසන්නව ජපානය බලා පිටත්වීමට නියමිතය.

IMG_0616[1] photo[1]