බර්ලින් මහ විහාර කඨින පිංකම


යුරෝපයේ පැරණිම විහාරය වන බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගියදා පැවැත්විණි. දික්වැල්ලේ සීලසුමන හා කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමිවරුන්ගේ අනුශාසනා පරිදි පැවැත්වූ පිංකමට ජර්මන් හී ශ්‍රීලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම මහතා ඇතුළු ශ්‍රී ලාංකික, ජර්මන්, තායිලන්ත, ලාඕස් ජාතිකයින්  විශාල පිරිසක් සහභාගි වූහ.

 ශ්‍රී ලංකාවේ සිට වැඩම කල ආචාර්ය  ඕමල්පේ සෝභිත නාහිමියන් ප‍්‍රමුඛ මිහිරිපැන්නේ සෝභිත මාහිමි , මහගම සුවිනීත හිමි, උඩවළවේ ශාන්තශීල හිමි, තම්මැන්නාවේ ධම්මානන්ද හිමි, තායි ජාතික අනුසක් හිමි, ජර්මන් ජාතික පියධම්මෝ හිමි, කාම්බෝජ් ජාතික කාශ්‍යප හිමි ඇතුළු 11 නමක් පිංකමට සහභාගි වුහ. පෙරදින සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ දේශනයක් පැවැත්වූ අතර කඨින පිංකම පිලිබදව සිංහල, ඉංග‍්‍රීසි, ජර්මන් බසින් දේශන පැවැත්වීය. නිරෝෂන්, තිළිණ, සිසිර හා ගංගානි ඇතුළු පිරිස කඨිනයද ත‍්‍රිපිටක ග‍්‍රන්ථද පූජා කළහ.

01 03 04 05 07 08 10 11