බර්ලින් කඨින පිංකම


ජර්මනියේ බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගිය 19, 20 යන දිනවල එම විහාරස්ථානයේදී විචිත‍්‍ර ලෙස පැවැත්විණි

19 වන රාත‍්‍රියේ පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින කඨින චීවරය පූජා කිරීම සම්බුද්ධ ප‍්‍රජාව සාංඝික දානය සහ කඨිනානිශංස ධර්ම දේශනයක්ද පැවැත්විණි.
කඨිනානිසංස ධර්ම දේශනය විහාරවාසි  දික්වැල්ලේ සීලසුමන හිමියන් විසින් පැවැත්වූ අතර ජර්මන් බසින් හැම්බර්ග් විහාරාධිපති නම්මැන්නාවේ ධම්මානන්ද හිමියන්ද ජර්මන් බසින් ඉංග‍්‍රීසි බසින් තල්පාවිල කුසලධම්ම හිමියන්ද පැවැත්වූහ.
ශ්‍රී ලංකා ජර්මන් ධර්මදුත  සංගමයේ උප සභාපති තිස්ස වීරරත්න  මහතාද එහිදී දේශනයක් පැවැත්වූ අතර ධර්මදුත සංගමයේ සංවිධානයෙන් සහ විහාරාධිකාරීන් වන කෝන්ගස් පිටියේ ශාන්ත රක්ෂිත දික්වැල්ලේ සීල සුමන යන හිමිවරුන්ගේ අනුශාසනයෙන් පිංකම පැවැත්විණි.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකික කාම්භෝජ ලාඕස් ජාතික බෞද්ධයින්ද එම අවස්ථාවට සහභාගි වූහ.
කඨින පිංකම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිට අයි.ඞී.එච්. හි මණ්ඩාවිල විහාරාධිපති කුඹුරුගමුවේ සුගුණ ධම්ම හිමියන් වැඩම කර සිටි අතර ඉතාලිය සහ ජර්මනියේ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමින් වහන්සේලා දසනමක් පිංකමට සහභාගි වූහ.