බර්මින්හැම් මහාවිහාරයේ කඨින පිංකම


මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය පසුගිය දා පැවැත්විණී.

ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් බෞද්ධවිහාරයේ රත්මලේ පුණ්‍යරතන හිමි සහ ශ්‍රී ලංකාවේ මදිල්ලේ පඥාලෝක හිමියන් සමඟ ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු එංගලන්තයේ ශ්‍රී ලංකා විහාරස්ථානයන්හි මහා සංඝරත්නය 15 නමක් පිංකමට වැඩම කළහ.

සර්වරාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පැවැත්විණි.

විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම සිදු විය.

සවුත්හම්ප්ටන්හි වෛද්‍ය විජයවීර පවුලේ සැම සහ විහාරයේ සියලුම දායක කාරකාදීන්ගේ අනුග්‍රහය පිංකම සාර්ථකව පැවැත්වීම සඳහා උපකාරීවූ බව කස්සප හිමියෝ පැවසුහ.

ශ්‍රී ලාංකික මෙන්ම බ්‍රිතාන්‍ය, ඉන්දියා, කාම්බෝජ, චීන සහ අනෙකුත් බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් පිංකම සඳහා සහභාගී වුහ.