බර්ටි විජේසිංහ සමුගනී


ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමට පෙර ලංකා කණ්ඩායමේ සිටි අග්‍රගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ බර්ටි විජේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. විජේසිංහ මහතා මියයන විට 96 වැනි වියේ පසුවිය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම සිලෝන් ඬේලි නිවුස් පුවත්පතේ ක්‍රීඩා කතුවරයා ලෙසින්ද සේවය කළ විජේසිංහ මහතා ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙසින්ද කටයුතු කළේය.