බර අනුව බිත්තරේට මිලක්


(යොහාන් භාසුර)

බිත්තර බර අනුව උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නව ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.

සුදු බිත්තරක් රුපියල් 44 ක් ද,  බිත්තරයක් රුපියල් හතළිස් හයක් ද දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ද, වන මීට පෙර උපරිම සිල්ලර මිල තවදුරටත් ක්‍රියාත්මක වන බවද එම ගැසට් නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.