බයිස්කෝප් වලිනුත් ඡන්ද නීති කඩයි


චිත්‍රපට දර්ශන අතරවාරයේ සිනමාහල්වල සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානය කියයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සැකසූ ප්‍රචාරක පටයක් ලෙස එහි සඳහන්වන බවත් රාජ්‍ය දේපළ මැතිවරණ ව්‍යාපාරයට යොදාගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවද කැෆේ නීරීක්ෂකයෝ කියති.